ගොඩවදින්නෝ

Tuesday, July 25, 2017

ප‍්‍රඥාවන්ත අයිවන් ගේ ශීලාචාර තර්ක වින්‍යාසය හෙවත් ‘ප‍්‍රඥා-මඩ’

සනත් බාලසූරිය

 

වික්ටර් අයිවන් ගේ ‘‘අශීලාචාර තැනක තිබෙන්නේ දේශපාලනය පමණක්ද?’’ ලිපියට මා ලියූ ප‍්‍රතිචාරයට දීර්ඝ ‘පිළිතුරු ලිපියක්’ අයිවන් ලියා තිබිණි.


මා මගේ ලිපිය ආරම්භ කළේ අයිවන් හා වාද හෝ සංවාදකිරීමෙන් උපදින කිසිදු ධනාත්මක ඵලයක් වෙතැයි විශ්වාස කිරීමට තරම් මෑතකාලීන අත්දැකීම් මා නොපොළඹවන බව පවසමිනි. අයිවන් සිය දීර්ඝ ලිපියෙන් නැවතත් තහවුරු කරන්නේ මගේ මේ නිරීක්ෂණයේ නිරවද්‍යතාව යි.

Monday, July 17, 2017

ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක්




ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්‍රිෂ්‍යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ප්‍රභූදේවා එකට රඟපු ‘චාලි චැප්ලින්‘ හොඳම උදාහරණයක්. කවුද මේ පසුපස ඉන්න ජීනියස්? ජේතු ජෝසෆ්.

Thursday, July 13, 2017

පාසැලේ අභිමානය

 
මේ ඩෑස් ස්මිත්ගේ ගිටාර් ගර්ල් ඡායාරූපයයි. බ්‍රිස්ටල් නගරයේ වීදියේ ගිටාර් වාදනය කරන්නියකි.



සුජීව බටනලා වාදකයෙක්. චරිත්ගායකයෙක්. මේ දෙදෙනාවම මට හමුවුණේ බස් රියකදී. සුජීව හොඳම බටනලා වාදකයා නොවෙනවා මෙන්ම චරිත්හොඳම ගායකයාත් නෙවෙයි. එහෙත් එය ගැටලුවකුත් නෙවෙයි. මොකද ඔවුන් හිටියේ රියැලිටි තරඟයක හෝ සංගීත සංදර්ශනයක නොවන හින්දා. ඔවුන් හිටියේ රුපියල් දහයක් විස්සක් බලාපොරොත්තුවෙන් බස්රියක. ඔවුන් බස්රියට ගෙනාවේ එකිනෙකට වෙනස් කතා දෙකක් විසින්.


සුජීව වෙනත් රැකියාවක් කරන අතරේ නිවාඩු ලැබෙන සති අන්තයක තමයි බස්රියට ගොඩවෙන්නේ. ඔහුගේ පියා අසනීප වීම සමඟයි ඔහු බස්රියට ගොඩවෙන්න තීරණය කළේ. පාසැලේදී බටනලා වාදනය සුජීවට ඉගෙනගන්න ලැබෙන්නේ තූර්ය වාදක කණ්ඩායමේදීයි. 

Search This Blog