හරි අපි සයිටම් වහමු! ජාතික ගැටලුව ගැන කතාකරමුද?


දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළුව වාමාංශික අදහස් දරන විශාල පිරිසක් මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලය වසාදැමීමේ දැවැන්ත අරගලයක යෙදෙන්නේ සයිටම් වසාදැමූ පසුව සමාජවාදය බිහිවෙන්නට නියමිත බව විශ්වාස කරන්නාක් මෙනි.



සයිටම් විරෝධී අරගලයේ යෙදෙන තරුණයෝ හෙට සමාජවාදය උදාවේයැයි සිතති. සමහරුන් නම් අරගලයට එන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් බලහත්කාරයෙන් රැගෙන එන නිසාය.


උතුරට තම ප්‍රශ්ණවලට විසඳුම් සොයා යන්නට වෙන්නේ දෙවියන් ළඟටය. දකුණේ ‘ප්‍රගතිශිලීන්ට‘ උතුරට හෙණ ගැහුවත් කමක් නැත.


මේ සටහන ලියන්නේ සයිටම් අරගලයට ඔච්චම් කරන්නට නොවේ. සයිටම් අරගලය ගැන අසන්නට දාහක් ප්‍රශ්ණ අපට ඇත. සයිටම් වැසීමෙන් පසුව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙන්නේ කෙසේදැයි අප ඇසුවත් එය ඔච්චම් කිරීමක්යැයි ඔවුන් සිතනු ඇත. අනෙක් අතට අප මෙසේ කී පසුව සයිටම් විරෝධින් කියනු ඇත්තේ සයිටම් වසා දැමූ පසුව සමාජවාදය බිහිනොවන බව ඇත්ත වුණත් එවන් නිශ්චිත සටන්පාඨයක් වටා සටන්කාමී වාමාංශිකයන් එකතුකරගත හැකිවනු ඇති බවයි. එය වාමාංශික අරගලයක වැදගත් පියවරක් වනු ඇති බවයි.
මේ අරගලය අනාගතයේ විශාල වෙනසක් වෙනුවෙන් කරන මුල් පියවරක් නම් සයිටම් අරගලය වටා එක්වන වාමාංශික පිරිස්වලට පුළුල් සමාජ, දේශපාලන න්‍යායපත්‍රයක් තිබිය යුතුය. ඒ න්‍යායපත්‍රය ඇතුලේ විශාල දර්ශනයක් තිබිය යුතුය. ඉතින් මේ සටහනෙහි අරමුණ සයිටම් අරගලය ගැන කතාකිරීම නොව. සයිටම් අරගලය වටා එක්ව සිටින සංවිධානාත්මක කණ්ඩායමට ජාතික ගැටලුව ගැන ඇති අදහස කුමක්දැයි විමසීමය. ඉතින් මේ කතාව ආරම්භයේදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ ඒකාබද්ධ විපක්ෂය අදාල නැති බව කිවයුතුය. ඔවුන්ට ඇති අරමුණ සියල්ලන් දන්නා නිසාය.

පූස් ෆෝබියාව සහ තාත්තා


‘යකෝ ඔය පුසාව එලවලා දාපන්’’ තාත්තා නිතරම අපට බැණ වදින්නේ එසේය. තාත්තාට පුසන් යනු නයාට අඳු කොළ මෙන්ය. අම්මා සහ මා අතර බැඳීමෙහි ගණුදෙනුවක් මිස ආදරයක් නොතිබුණු පසුබිමක තාත්තා යනු මට ලෝකයක් විය. අම්මා ලංකාවේ සිටියේත් නැත. මට පමණක් නොව අක්කාටත් තාත්තා රජෙක් විය. එකල අප සිටියේ නාගරික නිවාස තිබුනු මාවතක කෙළවරේ තිබුණු නිවසකය.
එහෙත් ඔහුට තිබුණු දරුණුම රෝගය පූස් ෆෝබියාවයි. එය නිවසේ සිටි අපට පමණක් නොව වත්තේ සිටි බොහෝ දෙනෙක්ට හිසරදයක් විය. මට තේරෙන කාලයේ සිට තාත්තා වෘත්තියෙන් තී‍්‍රවිල් රථ රියදුරෙකු විය. එහෙත් තාත්තා බංකොලොත් වූ ධනවතෙකු විය. අක්කා නිතර පැවසූ විදියට තාත්තා බංකොලොත් වුණේ මා ඉපදුණු පසුවය. ඒ මා පවුලට ගෙන ආ අවාසනාව නිසාය.

කසුන්ගෙ පොතයි තව පොත් දෙකකුයි!





වැඩ ගොඩක් මැද්දෙ කසුන්ගෙ පොත කියවල ඉවරවුණේ ඊයේ හැන්දෑවෙ. රාවය සහ ඉරුදිනේ ඔහු ලිව්ව පුවත්පත් වාර්තාවලට එහා ගිහින් වෙහෙසවෙලා හොයාගත්ත කරුණු රැසක් වගේම ගවේෂණාත්මක වාර්තාකරණයක අනිවාර්ය අංගයක් වන චූදිතයාගේ පැත්තෙන් අදහස් විමසලා ඒක පල කිරීම වැලිකඩ පොත ලකුණු 10න් 10 ගන්නට හේතුවක්. කසුන් ඉදිරියටත් පුවත්පත් මාධ්‍ය වේදියෙක් විදියටම වැඩකරන්න ඕනෑය කියන කාරණය මම නිතර කියන එකක්. ෆේස්බුක් එකේ කරන වැඩ සහ චැරිටි වැඩවලට වඩා මහා සමාජ දේශපාලන වැඩ රැසක් කරන්න කසුන්ට කැපෑසිටියක් තියෙනවා.

එම්.ජී. නිදහසේ පියඹා යා යුතුය

 



‘සංගීත ක්ෂේත්‍රයේ උඩට එන්න හරි අමාරුයි. රැඳී ඉන්න නම් යමක් කළ යුතුයි. මට ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියට තියාගන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ.‘ මේ එම්.ජී. ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් වූ පසුව පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකි. 

සයිබරීය කලාකරුවා ප්‍රසාද් අලුත්වත්ත

රාවයේ පලවීම නිසා ආන්දෝලනයකට ලක්වූ නිර්මාණයක්.

ප්‍රසාද් අලුත්වත්ත කියන්නෙ ජනප්‍රිය ඩිජිටල් කොලාජ් කිහිපයකම හිමිකරුවා.  පහුගිය සතියක රාවයේ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පළවුණා. ඒ සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් කවුද නීතීඥයෙක් කියලා කෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබුණේ ප්‍රසාද්ගෙ නිර්මාණවලින් ආගමට අපහාස කරන හින්දා ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ මොහොතෙ මම ඔහුගෙන් ආදරයෙන් ඉල්ලුවා පැමිණිල්ලක් දාන්න කියලා. ඒත් තවම දාලා නැහැ වගේ.

මම රෙස්ලින් බලන්නෙ ඇයි?



‘ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.‘ අපි ඉස්කෝලෙ යන කාලෙ ඔන්න ඔහොම සිංදුවක් ජනප්‍රිය වුණා. ඒ ලංකාවේ වැඩියෙන්ම රෙස්ලින් ජනප්‍රිය වුණ කාලයක්. හැබැයි ඔය ලෝකයෙ ගත්තම රෙස්ලින්වල ජනප්‍රියත්වය බහිමින් තිබුණු කාලයක්. මං මේ කියන්නේ ඔලිම්පික් යන රෙස්ලින් ගැන නෙවෙයි, ප්‍රොෆෙෂනල් රෙස්ලින් හෙවත් ප්‍රෝ රෙස්ලින් ගැනයි. බොහෝ විට ඇමෙරිකාව, මෙක්සිකෝව, ජපානය සහ මේ වෙද්දී ඉන්දියාව ඉලක්ක කරගත්ත විනෝදාස්වාදය වෙනුවෙන් කලින් සැලසුම් කළ මල්ලවපොර තමයි රෙස්ලින් කියන්නේ. 
 
ඩබ්.ඩබ්.ඊ. කම්පැණියෙ ඉන්න දක්ෂ රෙස්ලර්ස්ල තුන්දෙනෙක්

කාන්දන්ගේ කතාව

තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.

කාන්දන් මහත්තයා


‘කොතැනින්ද පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ.

දෙමළෙන් බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි. ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත් බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො හිතාන හිටියේ. ඒත් ඇත්ත එහෙම නෙවෙයි. අපේ මිනිස්සු මේ තරම්වත් බේරුණෙ ඇයි දන්නවද. හැම දෙමළම පාල්දිය කියන්නෙ නෑ. අපි කියන්නෙ බාල්දිය කියල තමයි. මාත් කිව්වෙ බාල්දිය කියල. බණ කියල කියපං කිව්වාම මම කිව්ව බණ කියලා. ඒ විතරක් නෙවෙයි මං බණ අහලත් තියෙනවා.

බ්ලොග් විවාහය

විවාහයක් කියන්නෙ මොකක්ද කියල සැබෑ පැහැදිළි කිරීමකුත් නෑනේ. කොහොම වුණත් විවාහයකින් පස්සේ දෙන්නෙක් එක වහලක් යටට එනවා.

ඉතින් මේ මොහොත බ්ලොග් දෙකක් අතර විවාහයක් කියල කියන්න පුළුවන්.

රේඛා නිලුක්ෂිගේ ලිප්ස්ටික් බ්ලොග් අඩවිය මෙතැන් පටන් උඩුවාගේ සටහන් බ්ලොග් අඩවිය සමඟ විවාහ වෙනවා. මේ බ්ලොග් දෙකම සැමියාගේ නිවස වන uduwaage.blogspot.com ලිපිනයෙහි පදිංචි වනු ඇති.

මේ දෙදෙනාගෙන් කාව මුණගැහෙන්න වුණත් මේ ලිපිනයට ඇවිත් පුළුවන්.

ස්තූතියි.......!

මම විදර්ශනට කැමති ඇයි??

විදර්ශන කන්නංගර කියන්නෙ සයිටම් විරෝධයේ, එහෙම නැත්නම් ලංකාව ඇතුලෙ මෑතකාලයේදී නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි සටනේ ඉදිරිපෙල ප්‍රකාශකයෙක්.

මම නව ලිබරල් ආර්ථිකයට එරෙහි සටනේ ඉන්න කෙනෙක් නෙවෙයි. සයිටම් ගැන ගත්තාම මම සයිටම් එකට පක්ෂව අදහස් දක්වන කෙනෙක් විදියටත් සමහරු අඳුනගන්නව. සයිටම් එකට පක්ෂව මම කතා නොකළත්.



ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක්




ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්‍රිෂ්‍යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ප්‍රභූදේවා එකට රඟපු ‘චාලි චැප්ලින්‘ හොඳම උදාහරණයක්. කවුද මේ පසුපස ඉන්න ජීනියස්? ජේතු ජෝසෆ්.

පාසැලේ අභිමානය

 
මේ ඩෑස් ස්මිත්ගේ ගිටාර් ගර්ල් ඡායාරූපයයි. බ්‍රිස්ටල් නගරයේ වීදියේ ගිටාර් වාදනය කරන්නියකි.



සුජීව බටනලා වාදකයෙක්. චරිත්ගායකයෙක්. මේ දෙදෙනාවම මට හමුවුණේ බස් රියකදී. සුජීව හොඳම බටනලා වාදකයා නොවෙනවා මෙන්ම චරිත්හොඳම ගායකයාත් නෙවෙයි. එහෙත් එය ගැටලුවකුත් නෙවෙයි. මොකද ඔවුන් හිටියේ රියැලිටි තරඟයක හෝ සංගීත සංදර්ශනයක නොවන හින්දා. ඔවුන් හිටියේ රුපියල් දහයක් විස්සක් බලාපොරොත්තුවෙන් බස්රියක. ඔවුන් බස්රියට ගෙනාවේ එකිනෙකට වෙනස් කතා දෙකක් විසින්.


සුජීව වෙනත් රැකියාවක් කරන අතරේ නිවාඩු ලැබෙන සති අන්තයක තමයි බස්රියට ගොඩවෙන්නේ. ඔහුගේ පියා අසනීප වීම සමඟයි ඔහු බස්රියට ගොඩවෙන්න තීරණය කළේ. පාසැලේදී බටනලා වාදනය සුජීවට ඉගෙනගන්න ලැබෙන්නේ තූර්ය වාදක කණ්ඩායමේදීයි. 

කීර්තිරත්න පෙරේරා - මීතොටමුල්ලේ හෘදය සාක්ෂිය 2

මම කලින් පෝස්ටුවකින් කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් බෝපගේ කියූ කතාවක් ලීවෙමි.

එතැනදී බෝපෙ මළමිනීත් විකුණන් කන බව කියන්නට ඇතැම්හු පෙළඹුනහ. හැබැයි නුවන් බෝපගේට විකුණන්නට දෙයක් තිබුනේ නැත. මීතොටමුල්ල අරගලය නුවන් බෝපගේ විකුණුවේ නැත. මීතොටමුල්ල බෝපෙ සහෝදරයාගේ ගමය. ඔහු සටන්කලේ ගම වෙනුවෙන්ය. ඔහුගේ මැදිහත්වීම අවංක නොවන ප්‍රශ්ණය වවාගෙන කන එකක්යැයි ඇතැම්හු කියති. එහෙත් කුඩා දරුවෙක් සිටින පියෙකු වන බෝපගේ තමන්ගේ නිවස ළඟ තියෙන කුණුකන්දෙන් හම්බ කරන්න හිතාවියැයි කීම පලක් නැති කතාවක්යැයි මට සිතේ.

මා කලින් ලීවේ මීතොටමුල්ල ජනතා වාර්තාවේ වැඩ පටන්ගත් මොහොතේ බෝපගේ කළ කතාවයි. මේ එම අවස්ථාවේ කීර්තිරත්න පෙරේරා මහතා කී කතාවයි. කීර්තිරත්න පෙරේරා කවුදැයි හඳුන්වාදිය යුතු නැතැයි සිතමි. ඔහුට ඒ තරම් මීතොටමුල්ල අපරාධයෙන් පසුව මාධ්‍යවල ඉඩ ලැබුණි.

මීතොටමුල්ලේ හෘද සාක්ෂිය - නීතීඥ නුවන් බෝපගේගේ අදහස්

මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව කීර්ති සහෝදරයාගේ පවුලේ උදවියගේ අවසන් කටයුතුවලින් පසුව අපි කිහිපදෙනෙකු එක්ව දැන් කුමක් කරන්නේදැයි කෙටි සාකච්ඡාවක යෙදුණෙමු. ප්‍රථමයෙන් ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළයුතුයැයි අපට සිතුණි. ඒ අනුව ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එ් අනුව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී මිතුරන් කිහිපදෙනෙක්ද සමඟ අපි ඉටිපන්දම් විරෝධය කෙටි කාලයකින් සැලසුම් කළෙමු. නිදහස් චතුරස්‍රයට එක්වුණෙමු.

ඉටිපන්දම් විරෝධයෙන් පසුව අපට ඕනෑ වුනේ මේ ඛේදවාචකය ගැන හැඟීම්බර වීමෙන් එහා ගොස් බුද්ධිමත් ලෙස දැකිය යුතු බවයි. කුණු ගැන ඉදිරි කතාවලට පෙර මීතොටමුල්ලේ සිදුවුණේ කුමක්දැයි කතා කරන්නට අපට ඕනෑ විය.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සංවිධානයෙන් ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සාමාජිකයන් විසින් මීතොටමුල්ලේ සිදුවීම පිළිබඳ ජනතා වාර්තාවක් සකස් කරන්නට තීරණය විය. එම වාර්තාව සඳහා ප්‍රථමයෙන් කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ මහජන සාක්ෂි විමසීම මහජන පුස්තකාලයේදී පසුගිය 26 වැනිදා සිදුකෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් නීතීඥ නුවන් බෝපගේ දැක්වූ අදහස්ය මේ.

තවත් පාවාදීමක් සිදුකළ වගයි!

පසුගිය සඳුදා (27) ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා, නිමල් සිරිපාල අමාත්‍යවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් තිබුණා. හවස හතරට ජනාධිපති ලේකම් කාර්යාලයේදි.

වෙන වෙනම රට කෑවත් කෑම කන්නේ එක මේසයේ... (මෛත්‍රි, මහින්ද සහ රනිල්)

මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී තිබුණා. මේ අයව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමිනුයි කැඳවා තිබුණේ. මේකට ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ආරාධනා කර නොතිබීම අහම්බයක් වෙන්න බැහැ. ඔහු ව්‍යවස්ථාව වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වූවෙක්.

මේ සාකච්ඡාවේදි සරලවම තීරණය කර තිබුණේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් සිදුකළ යුතු බවත්. ජනමත විචාරණයකට ගියොත් පරාද වෙන බව තීරණය කර තිබුණා. ජනමත විචාරණයක් පරදින්නට ඉඩ ඇතැයි කියා තිබුණේ නිමල් සිරිපාල ඇමතිවරයා. එයට අගමැතිවරයාද එකඟ වී තිබුණා.

සේනකගෙ බිබිල හෙවත් පියවරුණ

නෙළුම් යාය සම්මාන උත්සවය මෙහෙයවපු නිවේදක යුවල රාජිත සේනාරත්න ඇමතිවරයාව නුතන සේනක බිබිලේ විදියට හැඳින්වුවා.. පසුව ඔවුන් කියපු විදියට මෙහෙම හැඳින්වුවේ බ්ලොග් සංසදයේ හරි මොකක්හරි එකක සභාපතියැයි කියන කෙනෙක්ගේ වුවමනාව මතලු.

මෙතැනදීම කතානායකවරයාව තොරතුරු පනතේ පියා කියල හැඳින්වුවා. ඒ හැඳින්වීමටත් හේතුව අර කෙනාගේම වුවමනාව වෙන්න ඇති.

උපාධි හීනයක්


මගේ අම්මා ගුරුවරියක්. පළමු පන්තියේ (එක වසරෙ නෙවෙයි ග්‍රේඩ් වන්) ගුරුවරියක්.

පළමු පන්තියේ ගුරුවරියක් කියන්නේ ඉහළ තත්වයේ රැකියාවක්. මම වැටුපක් ගන්නා නිසා ඇගේ වැටුප වෙන්වෙලා තියෙන්නේ ගෙදර පවත්වාගෙන යන්න සහ නංගිගේ අධ්‍යාපනයට.

නංගි උසස්පෙළ කළා. මැත්ස් කලේ.

විල්පත්තු සහ මුස්ලිම් විවාහ - ඉස්ලාමෝෆෝබියා I



රාවය ඉතා වැදගත් ලිපි දෙකක් ලිව්ව පහුගිය සතිවල. (මේ ලින්ක් එකෙන් කියවන්න.) ලිව්ව මාතෘකාව ගැන තිබුණු උනන්දුව හින්ද මමත් තොරතුරු සෙවීමේ වෙහෙසකර වැඩේට උදව් වුණා. පහල තියෙන්නේ ඒ ලිපි දෙක.


1. විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය

2. සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්‍යය

විල්පත්තු වන විනාශය කියන්නේ දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරන මිත්‍යාවක්. පරිසරවේදී තිලක් කාරියවසම් සහ රාවය මේ වෙද්දී ඒ මිත්‍යාවට විරුද්ධව සිංහල භාෂාවෙන් කරුණු දක්වමින් ඉන්නවා.

නොන්ඩි ඔටුවෙක්

වාල්කේ ඔරු වොට්ටගොම් නොන්ඩි වොට්ටගොම් (ජීවිතේ එක ඔටුවෙක්, නොන්ඩි ඔටුවෙක්)
වේලේ තර චක්කරෝ - රෙන්ඩ චක්කරෝ ( රස්සාවක් දෙන ලියුම් (චක්‍රලේඛන) - ලියුම් දෙක )



මේ හරි තේරුමක් නැති සිංදුවෙන්ම කතාව පටන්ගන්න පුළුවන්. අනිව මේ සිංදුව බලන්න. පොඩි රහක් තියෙයි.

පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි




මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්.

ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපු සෙරෙප්පු පෝස්ට්එකක් අනුව යමින්. 

ෆිල්ම් දහයක් එක්ක සුභ අලුත් අවුරුද්දක්!

ගෙවුණු අවුරුද්ද තීරණාත්මක අවුරුද්දක්.  බ්‍රිතාන්‍යයන් බ්‍රෙක්සිට් තීරණය අරගෙන තෙරේසා මේ ගෙනාපු, ඇමරිකාව සල්ලිවලින් පිස්සු වැටුණු මිනිහෙක්ව ජනාධිපති තනතුරට යෝජනා කරපු අවුරුද්දක්. ලෝකේ බලවත්ම න්‍යෂ්ඨික අවිවල බට්න් එක එබීමේ බලය කිම් ජොං උන්ටත් වඩා ෂුවර් නැති පිස්සෙක් අතට යවන්න තීරණය වෙද්දී, සිරියාව ලේ විලක් වෙද්දී රුසියාව නැගීගෙන ආපු අවුරුද්දක්. වර්තමාන ලෝකෙ මේ විදියට හැදෙන්න එක් වගකිව යුතු පාර්ශ්වයක් වන යුරෝපෙ ප්‍රහාර වලින් ත්‍රස්ත කරවපු අවුරුද්දක් මේක. මේ සියල්ල එක්ක 2017 ලෝකෙ තීරණය වේවි.

 
ොව දෙවැනි විශාලතම අවතැන් කඳවුර වන කැලැයිස් කඳවුර විනාශ කර දස දහස් ගණනක් සරණාගතයන් මහමඟට ඇදදැමූ වර්ෂය


Search This Blog