Thursday, October 15, 2015

සම්මතය

පුතා (වයස 14 යි) -
 
මරදාන හන්දියේ 
කොට සාය පටලවං
අපේ හෙට වෙනුවන්ම
ඇය ඉන්නෙ වරු ගණන්

*****************

මගෙ අම්ම බව නොදැන
වල් හැත්ත අපෙ එවුං
අම්මගෙන් සැපගත්ත
මතක පොත කියවමින්

*****************

පාෂාණ ද්වී ශතක  

භක්තියෙන් ඔදවැඩී 
මරක්කල කඩ දෙකක්
කුඩු කෙරුව සැඳෑවක

දවල් ඩියුටිය ඉවර
අම්ම ඇඳ මත වැටුණ
ලිහා දැමු නිල ඇඳුම
දිගහැරුණු අඟ පසඟ
යහළුවන් දෙසු මතක

*****************

පුදුමයක් නොම දිලුණ
වෙහෙසකර ඇගේ නෙත්
නොබළමින් දිය කළෙම්
පිරිමිකම් මා උගත් 

****************

අම්මා (වයස 31යි)  -
 
පොඩි කෙල්ලගේ පුංචි
ජීවිතයෙ රස උරා
දිවිතෙක්ම උළුගෙදර
ගිය නිසා මහඑකා
 
ගොඩක් ඈතිං ඇහෙන
සාරදම් පින් බයිල
මිනිස් හඬ දුර යද්දි
සැනහුමත් කරතියන්‍

මුහුණු හඳුනන්න බැරි
පාපතර කළුවරේ
මං හෙව්ව දයාවක්
බුදියන්ඩ හේතුවක්

ඇඟ මතට ගොඩ වුණත්
මහගොඩක් පිරිමි හිත්
ලොකු කොල්ලගෙං තරං
දැණුනෙ නෑ උණුහුමක්

හෙටත් උගෙ උණුහුමින්
අනිද්දාවක් හොයමි

.......................................

 

No comments:

Post a Comment