Friday, June 19, 2015

මහින්දනෙ ඉන්න තිබුණේ.....



ආණ්ඩුව විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඇතැයි මහින්ද චෝදනා කරනවිට ආණ්ඩුව පැත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ උතරේ කඳවුරු එකක්වත් නත්මන් ආණ්ඩුව විසින් ඉවත් කර නැති බවත් කඳවුරු ඉවත් කළේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් බවත්ය.
මෙය සැබැවින්ම එජාපයේද සිංහල බෞද්ධ චින්තන ආධිපත්‍යයට යටත් බව පෙන්වන සංකේතයකි. (යූඇන්පිය ජාතිවාදී නැහැ කියන්න බැහැ. මේ ඔක්කොම සිංහල ඡන්දනේ ඉලක්ක කරන්නේ. ඉතිහාසෙ ගත්තමත් දරුණු යුද්ධයකට ඇදුණු ජනවාර්ගික ප්‍රශ්ණයට ශ්‍රිලනිපය වගේම යූඇන්පියත් වගකියන්න ඕන)
ඇත්තටම එජාපයට මේ මොහොතේ තිබෙන්නේ බියකි. එල්ටීටීඊ චෝදනාවෙන් කාලාන්තරයක් බැට කෑ එජාපය දැන් කණාමැදිරි එළියටත් බිය නිසා උතුරෙන් රණවිරුවන් ඉවත් කිරීමට තම පක්ෂය කටයුතු කර නැතැයි දකුණේ ඡන්ද බැංකු වලට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. (යූඇන්පිය බයයි සිංහල ජාතිවාදී දේශපාලනයට)

උතුරේ මිනිසුන් රනිල්ව අගමැති කොට මෛත්‍රීව ජනාධිපති කොට මහින්ද පරාජය කළේ උතුරේ හමුදාව තියාගෙන ඉන්නට නොවේ. උතුරෙන් අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත් කිරීමටය. හමුදාව විසින් සිවිල් ජීවිතය පාලනය කිරීම උතුරේ ජනතාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්ණයකි.

එජාපය කළ යුත්තේ අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් එසේ කළ යුත්තේ ඇයිදැයි ජනතාවට පැහැදිලි කරවීමත්ය. ( හමුදා කඳවුරු දැන් අවශ්‍ය නැහැ.අවශ්‍ය ඒවත් තියෙනවා. කරෙයිනගර් හමුදා කඳවුර අවශ්‍යයයි ඉන්දියන් ට්‍රෝලර් ප්‍රශ්ණය නිසා. ඒ වගේ. උතුරේ මිනිස්සු ඡන්දය දීමෙන්ම ශ්‍රී ලංකාව කියන සංකල්පය පිළිගත්තා. දැන් ඒ මිනිස්සුන්ව යටත් විජිතයක් වගේ පාලනය කරන්න බැහැ. සිවිල් පාලනයක් හමුදා දාලා සිද්ධ වෙන්නේ නැහැ.)

මංගලගේ ප්‍රවේශය එය යි. ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමත්, ඒ බව ප්‍රසිද්ධියේ කීමත් එසේ කිරීමෙහි වැදගත්කම පෙන්වාදීමත් මංගල ගන්නා නිර්භීත පියවරයන් ය. (ජාතිවාදීන්ට බයේ ජාතික සමඟියක් ගොඩනඟන්න බෑ)

බැලූ බැල්මට මහින්දලාට මේවා පෙන්වමින් කෑ ගැසිය හැකිය. මෙන්න රට බෙදනවෝ කිව හැකිය. එහෙත් කාලය සමඟ ජනතා දැනුවත් කිරීමෙන් ජාතිවාදී ආකල්ප වලින් සිංහල දේශපාලන මනස ගලවාගත හැකිය.

යූඇන්පිය කියන විදියට උතුරේ මිනිසුන්ගේ ඉල්ලීම එජාපය ඉටු කර නැතිනම් ඉටු කරන්නට බලාපොරොත්තුවක්ද නැතිනම් ආණ්ඩුව පෙරලුවේ අපරාදේ යැයි කීමට එම මිනිසුන්ට සිදුවනු ඇත. මහින්දමනේ ඉන්න තිබුණේ.. ඒ මිනිසුන් කියනු ඇත.

ලංකාවේ දේශපාලනය ජාතිවාදයෙන් කවදා ගැලවේදැයි කිව නොහැක.

2 comments:

  1. 89 භීෂණය අවසන් වෙද්දි දකුණේ තරුණයන් දහස් ගණනක් ත්‍රස්තවාදීන් විදියට හංවඩු ගැහිලා ඉවරයි. නිකන් නෙවෙයි තමන්ගෙම ජාතියේ උන් මරපු ත්‍රස්තවාදීන් විදියට. නමුත් ජ.වි.පෙ කැරැල්ල මර්දනය කරලා අවසන්වෙලා ජ.වි.පෙ ඉතිරි කාඩර්වරු යටිබිමිගත් දේශපාලනයකට යන්න උත්සහ කරද්දි කෙටි කලකින්ම දකුණේ අස්සක් මුල්ලක් නෑර පිහිටවපු කඳවුරු ප්‍රමාණය අඩු නොකරන්න අදටත් දකුණ සිවිල් පරිපාලනයකට ගේන්න බැරි වෙනවා. දකුණේ අසූව දශකයට පසු තරුණ පරපුර දිහාත් විමුක්තිකාමීන් කියලා සැකයෙන් බැලුවනම් ඔවුන් තවමත් කැරලි වලට දත කන පරපුරක් බවට පත්වෙනවා..ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්..ජනතාවක් මත අසාමාන්‍ය පීඩනයක් පැටවීම තුලින් අවසානයේ පීඩනය පිටවෙන තැනක් එනවා..අන්න එතනයි භයානක..

    නමුත් උතුරේ ප්‍රශ්නය නැමති කැඳ හැලියට දකුණට දීපු විසඳුම් එලෙසින්ම ප්‍රායෝගික නෑ. මොකද දකුණේ ප්‍රශ්නයට ජාත්‍යන්තර බලපෑම් තිබුණා අඩුයි. උතුරේ ප්‍රශ්නය නිරාකරණයට මූලික වශයෙන් හදිසියේම හමුදා කඳවුරු ඉවත් කිරීම තුලින් කොටි සංවිධානය නැගී සිටීමටත් වඩා වෙනත් අධිපත්‍යවාදීන් යටතට උතුරු නතු වීමේ ඉඩකඩක් තිබෙනවා.

    ReplyDelete
  2. උඩුවා සමගින් එකඟයි.

    වෙන්න ඕනේ උතුරේ,දකුණේ හමුදා කඳවුරු ඒ විදියටම පැවතීම නොවේ.අනවශ්‍ය හැම කඳවුරක්ම ඉවත්කර ගැනීමයි.විශේෂයෙන්ම හමුදාව හෝ රජය විසින් අත්පත් කරගෙන තියෙන සියලු ඉඩම් ඒ ඉඩම් වල සැබෑ හිමිකරුවන් කෙරේ ලබා දෙන්න ඕනේ.

    අපිට ඕනේ සිවිල් සමාජයක් මිසක් මිලිටරිකරණය වෙච්චි රටක් නෙමේ.මහින්ද කරන්න හැදුවේ රට පෙන්නේ නැති වෙන්න මිලිටරි කරන්න.ඒ දේ අයෙමත් වෙන්න ඕනේ නැහැ.

    ReplyDelete