Thursday, May 21, 2015

බණින්න එපා!! වාසු පුංචි ළමයෙක්....




වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී රනිල්ට කුණුහරුපයෙන් බැණ වැදීම කතාබහට ලක්ව තිබේ. (කතාබහ? කට්ටිය වාසුට පකය කියලම බණිනව)
මෙය වාසුගේ දේශපාලනයට විශාල හානියක් බව කෙනෙක් කියා තිබුණි. එහෙත් එය එසේ නොවේ. වාසුගේ දේශපාලනය අවසාන වී ඒ වාසු මිය ගිහින් ය. ( අනේ සර් ඒ මියගිය නසසප වාසුට හිමි තැන දෙන්න.) චන්ද්‍රරත්න බණ්ඩාර මීට පෙර වාසු අපේ පරපුර අනාථ නොකරන්න මැයෙන් ලියූ ලිපියක ( රාවයේ ලිපිය ) ඒ මියගිය වාසු සහ මේ වාසු ගැන කතා කරයි. දැන් ඉන්නේ වාසු මිය ගොස් ඉතිරි වුණු පක්කලිකම් කරන පඩංගුවකි. ඔහුට බඩගෝස්තරයක් මිස දේශපාලනයක් නැත.

මම වාසුට අනුකම්පා කරමි.

අපේ ආච්චීට සෑහෙන වයසය. ඇය බොහෝවිට අතාර්කික තීරණ ගන්නා අතර ඉක්මනින්ම අමතක වන අවුලක්ද තිබෙන්නේ ය. වෛද්‍යවරුන් කියන්නේ වයසට යෑමත් සමඟ ඔවුන් පොඩි ළමයින් බවට පත්වෙන බවය.

වාසු පොඩි ළමයෙකි.



ඇඟේ හයිය නිසා නැඟිටගෙන හිටියක් මානසිකව වාසු සම්පූර්ණ සුවයෙන් නොවේ. (ඇත්තටම මහින්දත් දැන් වයසට යන්න යන්න ඔය වගේ තමා)

පාර්ලිමේන්තුවේදී වාසුට තද වුණේ ඔහුට රනිල් සද්දය දැමූ නිසාය. උඹ කවුද යකෝ මාව ඉන්දන්න? අර දේශපාලනික වාසු සිහි වී මේ බබා වාසුට තද විය. (රනිලුත් ටිකක් ඕනවට වැඩියි. මිනිහ හිතන් ඉන්නේ මිනිහ තරම් එකෙක් නෑ කියල. වාසුගෙ රැවුල ගැන කියන්න ඕන නැහැනේ. පොර හිතන හැටි ඒකෙන් තේරෙනව)

මා හිතමිත්‍ර හිටපු නසසප ක්‍රියාකාරිකයෙක් සිටියි. ඔහු කලක පටන් වාසු ගැන කළකිරී සිටින්නේ ය. වාසු කී කතාවට ඔහු තවත් කළකිරී ඇත. එකට කෑම එක බෙදාගෙන කාපු වාසු සහෝදරයා සිටින ස්ථාවරය ඔහුට වේදනාවකි. චන්ද්‍රරත්න බණ්ඩාර ලියන්නට ඇත්තේද ඒ වේදනාවෙනි. එහෙත් ඒ වාසු මියගොස් ය. ආමන්ත්‍රණය කොට පලක් නැත. දැන් ඒ වාසුගේ මිනී පෙට්ටියට මේ වාසු ඇණ ගසමින් සිටියි.

රාවයේ වාසු අසභ්‍ය වෙයි යැයි පුවතට හෙඩිමක් යෙදුවෙමු. එවෙලේ කෙනෙක් කීවේ වාසු අසභ්‍ය වුණේ අද නවෙ කලකට පෙර බවයි.

සටහන ලීවේ පරණ දේශපාලන වාසු වෙනුවෙනි. එහෙත් ඔහුව සමපූර්ණයෙන් සාධාරණීකරණය වෙන්නේ නැත. වයසට යන හැමෝම පිස්සු කෙලින්නේ නැත. ගෞරවණීය ලෙස පැත්තකට වී සිටින අයන වයසට ගියත් කරණම් ගසන අයද සිටියි.

3 comments:

  1. වාසු...................... දැන් කාලය හරි.... ගෙදර ගිහින් නිදාගන්න

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම ගැන ඔය අදහසත්ආවා.....
      මේ පාර්ලිමේන්තුවේ ඉන්න අන්තිම දවස් කිහිපය කියල දන්නව ඇති. පාර්ලිමේන්තුවට ඇඩික්ට් වෙච්ච මිනිස්සුනේ..... හොඳටම අඟන්නයි උත්සාහය

      Delete
  2. වාසු කටුසු විය

    ReplyDelete