Friday, May 08, 2015

මුලින්ම ඩිජිටල් ආවේ ඊළාම් සිනමාවෙන්...

නිම්නයක හුදෙකලාව

නිම්නයක හුදෙකලාව චිත්‍රපටිය බූඩි කීර්තිසේනගේ තෙවැනි චිත්‍රපටිය වන අතර එය එළිදැක්වෙන්නේ සිව්වැනි චිත්‍රපටය ලෙසයි. මාතා පෝලිම පැන තිරගත වී තිබීම එයට හේතුවයි. නිම්නයක හුදෙකලාව මැයි 6 වැනිදා ජර්මන් සංස්කෘතිය මධ්‍යස්ථානයේදී නැරඹීමට අවස්ථාව ලැබුණු අතර චිත්‍රපටය අවසානයේ චිත්‍රපටය ගැන සංවාදයක්ද පැවැත්විණ.

මේ උත්සාහය චිත්‍රපටය ගැන අදහස් දැක්වීමකට නොවේ. සංවාදයේ කියැවුණු පුංචි කරුණක් නිවැරදි කිරීමට ය.
බූඩි කීර්තිසේන

බූඩි කී ආකාරයට නිම්නයක හුදෙකලාව ලංකාවේ පළවෙනි දීර්ඝ ඩිජිටල් සිනමා නිර්මාණයයි. එහෙත් එම කරුණ මඳක් සංශෝධනය විය යුතුය. ලංකාවේ පළවෙනි ඩිජිටල් චිත්‍රපටිය 2002 දී නවරත්නම් කේසවරාජන් නමැති දෙමළ සිනමා අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කර තිබීම නිසාය. 

නිම්නයක හුදෙකලාව නිර්මාණය කළ අවධිය හරියටම සොයාගත නොහැකි වුවත් ඒ අනිවාර්යයෙන්ම 2002ට පසුව නිසා ලංකාවේ සිනමා ඉතිහාසය ලියැවෙද්දී බූඩිට නොව කේසවරාජන්ට පළවෙනි ඩිජිටල් චිත්‍රපටිය නිර්මාණය කිරීමේ ගෞරවය(වගේ එක) ලබාදිය යුතුය.

නිම්නයක හුදකලාව නිර්මාණය වන විට කේසවරාජ් විසින් ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් චිත්‍රපටි හයක් පමණ නිර්මාණය කොට තිබුණි. 
(අවාසනාවකට ඔහුගේ චිත්‍රපටිවලින් ඉතිරි වෙලා තියෙන්නේ දෙකක් පමණයි. ඔහු යුද්ධයෙන් පසුව කරන පළවෙනි චිත්‍රපටිය දැන් තියෙන්නේ අවසන් අදියර වල)

බූඩි නිම්නයක හුදෙකලාව පළවෙනි ඩිජිටල් චිත්‍රපටය යැයි උදම් ඇනීමක් ලෙස කීවේ නැත. ඔහු කීවේ ආර්ථිකමය හේතු ඩිජිටල් යොදාගැනීමට ප්‍රධාන හේතුව වූ බවයි. (පළවෙනි දීර්ඝ අයිෆෝන් චිත්‍රපටිය වන ඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන් නිර්මාණය කළේද බූඩි විසින්ය.)

කේසවරාජ් චිත්‍රපටිය දෙමළ ඊළාම් සිනමා කර්මාන්තයට අයත් එකකි. චිත්‍රපටියේ නම කඩලෝර කාට්ටු (kadalora katru) ය. කේසවරාජ්ලා විසින් නිර්මාණය කල චිත්‍රපටිද ලංකාවේ චිත්‍රපට ලෙසම සලකන්නේ යැයි සිතමි. ඒ නිසා සිනමා ඉතිහාසය ලියන්නන් බූඩිගේ චිත්‍රපටිය පළවෙනි ඩිජිටල් චිත්‍රපටිය ලෙස නොව කේසවරාජ්ගේ චිත්‍රපටිය පළවෙනි ඩිජිටල් චිත්‍රපටිය යැයි සලකනු ඇතැයි සිතමි. 
 
කේසවරාජ්
කේසවරාජ්ගේ චිත්‍රපටිය ගැන සටහනක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙමි. ඔහු ගැන මවිසින් ලියූ සටහනක්  මැයි 3 රාවයේ පළ විය. ( රාවයේ පළවූ සටහන )කේසවරාජ්ගේ චිත්‍රපටිය පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය. කඩලෝර කාට්ටු මෙතැනින් බලන්න.

මෙම පුංචි සටහන පුංචි වැරැද්දක් නිවැරදි කිරීමට මිස කිසිවෙකුටත් අපහාස කිරීමට නොවේ.
                                                                                                                    2015-05-08

2 comments:

  1. ඩිජිටලුත් උන්ගෙ බූදලයක් වෙයිද මන්දා? උතුරෙ මිනිස්සු දුක් විඳගෙන හදාපු චිත්‍රපටි බලන් දකුණට අවස්ථාවක් ඕනේ. ඒ ප්‍රෙව්ශය තාම විවර වෙලා නෑ

    ReplyDelete